වන්දනා ගාථා
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය!
වන්දනා
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
තිසරණ
බුද්ධං සරණං ගච්ඡාමි
(මම) බුදුරජාණන් වහන්සේ සරණ යමි !
ධම්මං සරණං ගච්ඡාමි
(මම) ශ්‍රී සද්ධමය සරණ යමි !
සංඝං සරණං ගච්ඡාමි
(මම) සංඝරත්නය සරණ යමි !
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
(මම) දෙවනුව ද බුදුරජාණන් වහන්සේ සරණ යමි !
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
(මම) දෙවනුව ද ශ්‍රී සද්ධමය සරණ යමි !
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
(මම) දෙවනුව ද සංඝරත්නය සරණ යමි !
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
(මම) තෙවනුව ද බුදුරජාණන් වහන්සේ සරණ යමි !
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
(මම) තෙවනුව ද ශ්‍රී සද්ධමය සරණ යමි !
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
(මම) තෙවනුව ද සංඝරත්නය සරණ යමි !
පන්සිල් සමාදන් වීම
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා මි
(මම) සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි !
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියා මි
(මම) අන් අය සතු දේ සොරා ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි !
කාමෙසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා මි
(මම) කාමයෙහි වරදවා හැසිරිමෙන් වැළකීම ශික්ෂාපදය සමාදන් වෙමි !
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා මි
(මම) බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි !
සුරා මෙරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියා මි
(මම) ප්‍රමාදයට හේතු කාරක වූ සුරාපානය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි !
බුදුන් වැඳීම
ඉති'පි සො භගවා අරහං සම්මා සම්බුද්ධො
විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ
අනුත්තරො පුරිසදම්මසාරථි
සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා ති.
ඒ භාග්‍යවතුන් වහන්සේ රහත් ය. සියලු ධර්මයන් මනා කොට දත් සේක. විද්‍යාචරණ සම්පන්නය. සුගතය. ලෝකවිදූය. අනුත්තර පුරිසදම්මසාරථිය. දෙවිමිනිසුන්ට ශාස්තෘය. බුද්ධය. භගවත් ය !
බුද්ධං ජිවිත පරියන්තං සරණං ගච්ඡා මි
බුද්ධ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි !
යෙච බුද්ධා අතීතා ච යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා
අතීතයේ පහල වූ බුදු රජාණන් වහන්සේලා ට ද, අනාගතයේ පහල වන්නාවු බුදු රජාණන් වහන්සේලා ට ද, වර්ථමාන බුද්ධෝත්පාද කාලයේ හි පහල වූ බුදු රජාණන් වහන්සේ ට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා !
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධො මේ සරණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජය මඞගලං
සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර මට අන් සරණක් නැත්තේ ය. බුද්ධ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය. මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා !
උත්තමං ගේන වන්දේහං පාදපංසුවරුත්තමං
බුද්ධො යො ඛලිතො දොසො බුද්ධෝ ඛමතු තං මමං
භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා පහස ලද දූවිල්ලද දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !. බුද්ධ රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා !
දහම් වැඳීම
ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති
භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදි. එය එක් එක් තැනැත්තා විසින් සිය ප්රත්යවෙක්ෂා ඥානයෙන් අවබෝධ කොට ගත යුතුය. එහි ප්‍රතිඵල උපන් වහාම පලදෙන්නේ ය. අකාලිකය. පැමිණ බලව යන ඇරයුමට සුදුසු ය. එළඹීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුතුය !
ධම්මං ජිවිත පරියන්තං – සරණං ගච්ඡාමි
ධර්ම රත්නය මම දිවිහිමියෙන් සරණ යමි !
යෙච ධම්මා අතීතා ච යෙච ධම්මා අනාගතා
පච්චුප්පන්නා ච යෙ ධම්මා අහං වන්දාමි සබ්බදා
අතීත වූ ධර්ම රත්නයට ද, අනාගත වූ ධර්ම රත්නයට ද ට ද, වර්ථමාන වූ ධර්ම රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා !
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මො මේ සණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජය මඞගලං
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් ධර්ම රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. ධර්ම රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය. මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා !
උත්තමං ගේන වන්දේහං ධම්මඤ්ච තිවිධං වරං
ධම්මො යො ඛලිතො දොසො ධම්මො ඛමතු තං මමං
ලොව්තුරු, මගඵල, නිවන්, ත්‍රිවිධ වූ ධර්ම රත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !. ධම්ම රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා !
සඟුන් වැඳීම
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ,
ආහුණෙය්යෝ,පාහුණෙය්යෝ, දක්ඛිණෙය්යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
මඟ ඵල ලාභී වූ උතුම් ආර්ය මහා සංඝ රත්නයටත් සසරේ අප කෙරෙහි අනුකම්පාවෙන් ද ඝෝර සසරෙන් අප වත් එතෙර කරවා උන්වහන්සේලාත් එතෙර වනු පිණිස ද උත්තම ආර්ය මාර්ගයට පිළිපන් මහා සඟ රුවනටත් නමස්කාර කරමු !
සංඝං ජිවිත පරියන්තං – සරණං ගච්ඡාමි
සංඝ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි !
යෙච සංඝා අතීතා ච යෙච සංඝා අනාගතා
පච්චුප්පන්නා ච යෙ සංඝා අහං වන්දාමි සබ්බදා
අතීත වූ ආර්ය මහා සංඝ රත්නයට ද, අනාගත වූ ආර්ය මහා සංඝ රත්නයට ද ට ද, වර්ථමානයේ වැඩ සිටින ආර්ය මහා සංඝ රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා !
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝො මේ සරණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන හෝතු මේ ජය මඞගලං
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. සංඝ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය. මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා !
උත්තමං ගේන වන්දේහං සංඝං ච තිවිධොත්තමං
සංඝො යො ඛලිතො දොසො සංඝො ඛමතු තං මමං
සම්මුති, සේඛ, අසේඛ යන ත්‍රිවිධ වූ උත්තම සංඝරත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !. මහා සංඝරත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් උන්වහන්සේලා මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා !
චෛත්යවහන්සේලා වන්දනාව
වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං
ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්‍රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි !
ඉමේ ඒතේ මහාබෝධි
ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි
බෝධිරාජා නමත්ථු තේ
ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් අනිමිසලෝචනයෙන් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා !
පහන් පූජා කිරීම
ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං
අඳුර දුරලන මි පහනේ ආලෝකයෙන් කෙලලස් අඳුර දුරුකළ තුන් ලොවට පහනක් බඳු බුදුරජාණන් වහන්සේ පුදමි !
මල් පූජා කිරීම
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං
මම මමි මලෙන් බුදුරජාණන් වහන්සේ පුදමි. මේ පිනෙන් මට නිවන් සුව ලැබේවා. මි මල් යමි ඉස් පරවී යයිද එසේ ම මාගේ ශරීරයත් විනාශයට පත් වී යයි !
වණ්ණ ගන්ධ ගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස
සිරිපාද සරෝරුහෙ
පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි !
පැන් පූජා කිරීම
සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තමං
ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා !
දැහැත් පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම
ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදුරජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා !
සුවඳ දුම් පූජා කිරීම
සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධෙන පූජයාමී තථාගත
පූජාවන්ට සුදුසු වූ පූජා ලැබුවා වූ උතුමි බුදුරදුන් හට මේ සුවඳ දුමින් පුදමි !
ගිලන් පස පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය පති ගණ්හාතු උත්තමං
ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස පිළිගැනුමට යෝග්‍ය වූ මේ ගිලන්පස අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගෙන වදාරණ සේක්වා !
ආහාර පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තමං
ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස පිළිගැනුමට යෝග්‍ය වූ මේ ආහාර අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගෙන වදාරණ සේක්වා !
බෙහෙත් පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ - භේසජ්ජං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ බෙහෙත් ඖෂධ පිළිගනීවා !